කොවිඩ්-19 සොබාදහමින්ම පරිණාමය වූවක් බව කියයි


SARS-CoV-2 හෙවත් කොවිඩ්-19 වෛරසයේ ආරම්භය බොහෝදුරට සිදුවූයේ රසායනාගාරයකින් නොවන අතර, එය සොබාදහමෙන් පරිණාමය වූවක් බව ඔප්පු වී ඇති බව, නව වෛරසයේ මුල් ජාන විශ්ලේෂණය සහ කොරෝන වෛරස ඇතුළු කලින් මතුවෙමින් පැවති බෝවන රෝගවලින් මනාව තහවුරු වූ සාක්ෂි මත පදනම්ව විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරයි.

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

"කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයකින් පැන නැගුණක් බවට වූ න්‍යායට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. වඩාත් මෑත අධ්‍යයනයන්ගෙන් කියැවෙන්නේ වෛරසය සොබාදහමෙන් පරිණාමය වූ බවයි" වාර්තාව තවදුරටත් පවසයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට මේ වනවිට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 184,540,000ක් සහ මරණ ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

"වෛරසය පැතිරී ඇති ආකාරය අවබෝධ කර ගැනීමටත්, කොවිඩ්-19 හි අඛණ්ඩව සිදුවන බලපෑම අවම කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීමටත්, අනාගත වසංගත වළක්වා ගැනීමටත්, එය මුළුමනින්ම සොබාදහම තුළ සිදු වූවක්ද, නැතිනම් විකල්ප මාර්ගයක් හරහා කෙසේ හෝ ප්‍රජාවට ළඟාවූවාද යන්නට විද්‍යාත්මක තොරතුරු ඉතා පරිස්සමින් හා විනිවිද පෙනෙන ලෙස එකතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා" වාර්තාවේ කතුවරුන් පැහැදිලි කළේය.



Recommended Articles