කොවිඩ්-19 සුවවූවන් 20,000 පනී ආසාදිතයන් 2,359ක් මිය ගිහින්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මියගිය පිරිස ඊයේ (21දා) දිනය අවසන් වනවිට 2,359ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී චීනයෙන් පිටත මරණ සංඛ්‍යාව 14ක් වන අතර, රෝගය වැළඳී සුවය ලැබූ පිරිස 20,673ක් දක්වා ඉහළ ගොස් ඇති බවද චින සෞඛ්‍ය කොමිසම පවසා සිටියි.

මේ අතර ඊයේ දිනය අවසන් වනවිට රෝගය ආසාදිතයන් පිරිස 77,644ක් ලෙස වාර්තා වන අතර, චීනයෙන් පිටත එම සංඛ්‍යාව 1,252කි.



Recommended Articles