කොවිඩ්-19 සම්භවය සෙවීම සඳහා චීන සහාය අඛණ්ඩව


කොවිඩ්-19 හි මූලාරම්භය ගෝලීය දෘෂ්ටිකෝණයකින් සොයාගැනීම සඳහා කඩිනමින් සහභාගී වීමට චීනය කැමැත්තෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් අවධාරණය කරයි.

මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද කොවිඩ්-19 සම්භවය-ලුහුබැඳීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ චීනයේ ඒකාබද්ධ අධ්‍යයන වාර්තාව පැහැදිලි නිගමනයකට හා විද්‍යාත්මක යෝජනාවකට එලැඹී ඇති අතර, ඒ මත පදනම්ව අනාගතයේ මෙහි සම්භවය සොයාගැනීමේ කටයුතු විවිධ රටවල් හා කලාපවල සිදුකළ යුතු බව ෂාවෝ පැවසීය.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙම ප්‍රකාශය සිදුකළේ එක්සත් ජනපදයේ ඇතැම් පුදගලයන් විසින් චීනය තුළ දෙවැනි අදියරක් ලෙස වසංගතයේ මූලාරම්භය සෙවීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට බල කිරීමට උත්සාහ කිරීම පිළිබඳ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි. මෙම සැලැස්ම දේශපාලනමය වශයෙන් සිදුකරන්නක් පිළිබඳ සැක ඇති කර තිබේ.

චීනය බලාපොරොත්තු වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට විද්‍යාවේ, වෘත්තීයභාවයේ සහ විෂයමූලිකත්වයේ මූලධර්ම පිළිපැදිය හැකි බවයි. එහිදී කොවිඩ්-19 හි මූලාරම්භය අධ්‍යයනය කිරීමේ විද්‍යාත්මක අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කිරීම, දේශපාලනීකරණය ක්‍රියාවලීන්ට එරෙහි වීම සහ වසංගතයට විරෝධී ගෝලීය සහයෝගීතාව ආරක්ෂා කිරීමේ වැදගත්කම චීනය අවධාරණය කරයි.



Recommended Articles