කොවිඩ්-19 සම්බන්ධයෙන් අපි හොඳ තැනක නෑ - ෆවුසි


කොවිඩ්-19 ආසාදිතයන් රට පුරා ඉහළ යන විට එක්සත් ජනපදය වසංතය සම්බන්ධයෙන් හොඳ තැනක නොමැති බව එරට ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

"අපි හොඳ තැනක නැහැ" යැයි ෆවුසි බදාදා අතථ්‍ය ප්‍රශ්නෝත්තර සැසියකදී සඳහන් කළේය.

"දැන් අපි සාමාන්‍යයෙන් දිනකට ආසාදිතයන් 70,000ක් පමණ වර්තා කරනවා. එය නරක තත්වයක්" යැයි ෆවුසි පැවසීය. "අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි යමක් වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි."

ෆවුසි මෙය හැඳින්වූයේ "ඉදිරි කාලය සඳහා නරක වට්ටෝරුවක්." යැයි අඟවමිනි.



Recommended Articles