කොවිඩ්-19 වෛරසය හමුවේ ආර්ථිකය බිඳ වැටීම වැළැක්වීම සඳහා රුසියාවේ ඉහළ ආදායම් ලබන අය සඳහා බදු අනුපාත 2%කින් ඉහළ නංවන බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් පවසයි.
ඒ අනුව, ඇ.ඩොලර් 73,000ක ආදායම මත බදු අනුපාතය 13% සිට 15% දක්වා ඉහළ යනු ඇතැයි ඔහු පැවසීය.
2001 දී පැතලි බදු අනුපාතයක් හඳුන්වා දීමෙන් පසුව රුසියාවේ සිදු වූ පළමු බදු වැඩිවීම වන අතර, රුසියානු නායකයා නව කොරෝනා වෛරසයේ ආර්ථික බිඳවැටීම මැඬපැවැත්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවත් එරට රුසියානු රජය කියයි.
කොවිඩ්-19 වසංගතය යටතේ තවත් දරුණු බලපෑමකට ලක්වූ රුසියාවේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 6ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ගෙන ඇත්තේ රුසියාවයි.
එසේම කොවිඩ්-19 වෛරසය හේතුවෙන් රුසියාවේ මේ වනවිට මිනිස් ජීවිත 8,349ක් අහිමි වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.