කොවිඩ්-19 සටනට ඉන්දියාව ජනතා ඇඳිරි නීතිය පණවයි


ඉන්දියාව අද (22දා) ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් නිවෙස්වලට වී නිරෝගීව සිටින ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කළ අතර, ඔහුගේ අදහස් දැක්වීම සිදුවූයේ ජනතා ඇඳිරි නීතිය ලෙස සැලකූ මෙම ඇඳිරි නීතිය ආරම්භ වූ උදෑසන 7.00න් පසුවය.

ඒ අනුව ඉන්දියාවේ අත්‍යවශ්‍ය සේවාවන්හි සේවය කරන අය හැර අන් සියල්ලන්ම ඇඳිරි නීතිය පැනවෙන කාලය සඳහා ස්වයං හුදෙකලා වීමට ඉල්ලා ඇත.

මේ සතිය මුලදී අග්‍රාමාත්‍ය මෝදි සියලු ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ අද සවස 5.00 වනවිට ඔවුන් සියලු දෙනා තම නිවෙස්හි දොර අසලට හෝ ජනේලයක් වෙත පැමිණි මෙම හදිසි අවස්ථාවේ වෙහෙස නොබලා කටයුතු කරන සෞඛ්‍ය හා හදිසි සේවා සේවකයන්ට සිය කෘතඥතාව දැක්වීමට විනාඩි 5ක කාලයක් වෙන්කරන ලෙසය.



Recommended Articles