කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ සටන සඳහා චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක පරිත්‍යාග කරමින් ජාත්‍යන්තර සහයෝගය ශක්තිමත් කරන බව පොරොන්දු වී තිබේ.
චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අද (09දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසා සිටියේ නව කොරෝනා වෛරසය පැතිර යෑමට එරෙහිව සටන් කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ප්‍රතිචාර ධාරිතාව වැඩිකර ගැනීම සඳහාත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සහයෝගය පුළුල් කිරීම සඳහා මෙම අරමුදල් සපයන බවය.ි
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් චීන රජයට සිය කෘතඥතාව පළ කරමින්, හා අගය කරමින් කියා සිටියේ වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබාගැනීම සඳහා චීනය සමග සම්බන්ධීකරණය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන බවයි.