කොවිඩ්-19 විසින් ඇමෙරිකාව දණගස්වා ඇතිබව CDC කියයි


කොවිඩ්-19 වසංගතය විසින් ජාතියම දණගස්වා ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පවසයි.

"එක් කුඩා වෛරසයක් නිසා රටට ඇ.ඩො.ට්‍රිලියන 7ක් පමණ වැය කිරීමට සිදුවීමට පුළුවන්." යැයි රෙඩ්ෆීල්ඩ් නිවාස බලශක්ති හා වාණිජ පිළිබඳ ඇමෙරිකානු කොංග්‍රස් කමිටුවක් ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේය.

"මෙම වෛරසය මැඩපැවැත්වීම සඳහා අපට කළ හැකි උපරිම දේ අප සියල්ලන්ම කර තිබෙනවා."

රෙඩ්ෆීල්ඩ්ගේ සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩක පමණ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු නායකයා පවසන ආකාරයට එය පරීක්ෂණ වැඩි කිරීම නිසා පමණක් සිදුවූවක් නොවන බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

පසුගිය සතියට සාපේක්ෂව අඟහරුවාදා වනවිට ප්‍රාන්ත 25ක් නව ආසාදිතයන්ගේ ඉහළ අනුපාතයන් වාර්තා කර ඇති අතර, ඇරිසෝනා, කැලිෆෝනියා, කොලරාඩෝ, ඩෙලවෙයාර්, ෆ්ලොරිඩා, ජෝර්ජියා, හවායි, ඉඩාහෝ, කැන්සාස්, මිචිගන්, මිසිසිපි, මිසූරි, මොන්ටානා, නෙවාඩා, ඔහියෝ, ඔක්ලහෝමා, ඔරිගන්, සවුත් කැරොලිනා, ටෙනසි, ටෙක්සාස්, උටා, වොෂිංටන්, වෙස්ට් වර්ජිනියා, විස්කොන්සින් සහ වයොමිං මේ අතර වෙයි.



Recommended Articles