ලෝක සෞඛ්‍ය සංවිධානය නව විද්‍යාත්මක වාර්තාවක් නිකුත් කරමින්, නව කොරෝනා (COVID-19) වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ගමන් කළ හැකි ආකාරය විස්තර කර තිබේ.
මෙම වාර්තාව නිකුත් වන්නේ පසුගිය සඳුදා දිනයේ විද්‍යාඥයන් 239 දෙනෙකු විසින් වාතය හරහාද වෛරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින්, අත්සන් කරන ලද ලිපියක් ප්‍රකාශයට පත්කර දින කිහිපයකට පසුවය. එහිදී ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියේ වාතයේ පාවෙන ජල බිඳිතිවලින් මිනිසුන්ට වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසය.
"ඇතැම් ගෘහස්ථ ජනාකීර්ණ අවකාශයන් හා සම්බන්ධ සමහර ආසාදිත ව්‍යාප්තීන් හි වාර්තා මගින් කැස්ස හෝ කිවිසුම් යෑම ආදියෙන් ඇතිවන ජල බිඳිති සම්ප්‍රේෂණය සමග ඒකාබද්ධව, එයරොසෝල් ලෙස හඳුන්වන ඉතා කුඩා ජල බිඳිති ඔස්සේ සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව යෝජනා වී තිබෙනවා. උදාහරණයක් ලෙස ගායනා පුහුණුවීම්වලදී, අවන්හල්වලදී හෝ ශාරීරික යෝග්‍යතා පන්තිවලදී වැනි ගෘහස්ථ ස්ථානවලදී." නව WHO වාර්තාව SARS-CoV-2 ලෙස නම් කරනලද නව කොරෝනා වෛරසය ගැන සඳහන් කරයි.
කෙසේ වෙතත් වාතයෙන් සම්ප්‍රේෂණය වීම පිළිබඳව තවමත් පිළිතුරු නොලැබූ ප්‍රශ්න රැසක් පවතින බවද පෙන්වා දී ඇති මෙම වාර්තාව, වෛරසය දැනට පැහැදිලි ලෙසම පැතිරෙන ආකාරයන් ගැන දක්වා තිබේ.
"තවමත්, වර්තමාන සාක්ෂිවලට අනුව SARS-CoV-2 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ මිනිසුන් අතර සෘජු, වක්‍ර හෝ සමීප සම්බන්ධතා හරහා ආසාදිත ස්‍රාවයන් වන කෙළ හා ශ්වසන ස්‍රාවයන් හරහා හෝ ඔවුන්ගේ ශ්වසන ජල බිඳිති හරහායි. ආසාදිත පුද්ගලයා කැස්ස, කිවිසුම් යාම, කතා කිරීම හෝ ගායනා කිරීම වැනි දේ නිසා ආසාදිත පුද්ගලයින්ගේ ශ්වසන ජල බිඳිති අවට වස්තූන් මත පතිත වීමට පුළුවන්.* වාර්තාව පවසයි.
ආපනශාලා, රාත්‍රී සමාජශාලා, ආගමික ස්ථාන හෝ මිනිසුන් කෑ ගසන, කතා කරන හෝ ගායනා කරන සේවා ස්ථාන වැනි සමහර ගෘහස්ථ පරිසරයන් තුළ කොවිඩ්-19 පැතිර ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ.
"මේ ව්‍යාප්තීන් හිදී, එයරොසෝල් ලෙස හඳුන්වන ඉතා කුඩා ජල බිඳිති ඔස්සේ සම්ප්‍රේෂණයේදී, විශේෂයෙන් ගෘහස්ථ ජනාකීර්ණ සහ ප්‍රමාණවත් ලෙස වාතාශ්‍රය නොමැති ස්ථානවල ආසාදිත පුද්ගලයන් අන් අය සමඟ දීර්ඝ කාලයක් ගත කරන බව බැහැර කළ නොහැකියි. එවැනි අවස්ථා විමර්ශනය කිරීමට සහ COVID-19 සම්ප්‍රේෂණය සඳහා ඒවායේ වැදගත්කම තක්සේරු කිරීමට ඉතා කඩිනම් වැඩිදුර අධ්‍යයනයන් අවශ්‍ය වෙනවා." වාර්තාව පවසයි.
පොදුවේ ගත්විට, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වාතය හරහා සම්ප්‍රේෂණය යන්නෙන් අදහස් කර ඇත්තේ, ඕනෑම වේලාවක රෝගාබාධ ඇති කරන බෝවන රෝග කාරකය වාතයේ පැතිර යන අතර, එය දීර්ඝ දුරක් හා කාලයක් වාතයේ රැඳෙමින් බෝවන රෝගයක් ලෙස පැවතීමය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසාදන වැළැක්වීම සහ පාලනය පිළිබඳ තාක්ෂණික නායක වෛද්‍ය බෙනෙඩෙටා ඇලෙග්‍රාන්සි අඟහරුවාදා ජිනීවා නුවර පැවති සාකච්ඡාවකදී කියා සිටියේ, ලිපියට අත්සන් කළ බොහෝ විද්‍යාඥයන් සමග ඒජන්සිය සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කර ඇති බවය.
"කොවිඩ්-19 වෛරසය හා වසංගතය සම්බන්ධ අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල මෙන් මෙම ක්ෂේත්‍රයේද මතුවෙමින් පවතින සාක්ෂි ඇති බව අප පිළිගන්නවා. එබැවින් ගත යුතු පූර්වාරක්ෂාවන් සම්බන්ධයෙන් මේ සාක්ෂි සඳහා අප විවෘතව සිටිය යුතු අතර සම්ප්‍රේෂණ ක්‍රම සම්බන්ධයෙන් එහි ඇඟවුම් තේරුම් ගත යුතු යැයි අප විශ්වාස කරනවා" ඇලෙග්‍රාන්සි පැවසීය.
කොවිඩ් -19 සම්ප්‍රේෂණය කිරීමේ එක් ක්‍රමයක් ලෙස වාතයෙන් සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කාලයක් පුරා සාකච්ඡා කරමින් සිටින බව කොරෝනා වෛරස ප්‍රතිචාරය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික නායිකා මාරියා වැන් කෙර්කොව් පසුගිය අඟහරුවාදා ජිනීවාහි පැවති සාකච්ඡාවකදී පැවසීය.
"මෙය ශ්වසන රෝග කාරකයක්. එබැවින් අප දන්නා දේ අපට ඇති මඟපෙන්වීමට ගැළපීම වැදගත්. එබැවින් සම්ප්‍රේෂණය නැවැත්වීමට පුළුල් මැදිහත්වීම් පැකේජයක් අවශ්‍යයි. එනම්, මීට භෞතික දුරස්ථභාවය පමණක් ඇතුළත් වන්නේ නැහැ. එනම් මුඛ ආවරණ භාවිත කිරීම, විශේෂයෙන් ඔබට ශාරීරිකව දුරස් කිරීමක් කළ නොහැකි ස්ථානවල මුඛ ආවරණ භාවිතය වැදගත්." කෙර්කෝව් සඳහන් කළාය.