කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තවදුරටත් අවධාරණය කරයි.
"කොවිඩ්-19 සෞඛ්‍ය හා සෞඛ්‍ය පද්ධතිවලට සැලකිය යුතු හානියක් සිදු කිරීමේ හැකියාව ඇති භයානක බෝවන රෝගයක් ලෙස පවතින බවට කමිටුව එකඟ වුණා. ඒ අනුව කොවිඩ්-19 කෙරෙහි ගෝලීය අවධානය පවත්වා ගැනීම සඳහා මෙම හදිසි අවස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍යද, එය අවසන් කළහොත් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක සහ ආරක්ෂිත ආකාරයකින් කටයුතු කරන්නේ කෙසේද යන්න කමිටුව සාකච්ඡා කළා.”එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.