කොවිඩ්-19 මරණවලින් රටවල් 4ක් චීනය ඉක්මවයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ මූලාරම්භය සිදුවූ චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව අභිභවමින් රාජ්‍යයන් 4ක් මේ වනවිට ඉදිරියට පැමිණ තිබේ.

ඒ අනුව ලොව පුරා නව කොරෝනා ආසාදිත මරණ 42,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වන අවස්ථාවේදී මේ දක්වා වැඩිම මරණ වාර්තා වී ඇති අනුපිළිවෙළ මෙසේය.

ඉතාලිය - මරණ 12,428

ස්පාඤ්ඤය - මරණ 8,464

එක්සත් ජනපදය - මරණ 3,834

ප්‍රංශය - මරණ 3,523

චීනය - මරණ 3,312

ඒ අනුව මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව, චීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව්ගුණයකට ආසන්න වන අතර, ස්පාඤ්ඤය චිනය මෙන් දෙගුණයක මරණ සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.



Recommended Articles