කොවිඩ්-19 මරණ ලක්ෂ 4ක් ආසාදිතයන් ලක්ෂ 70ට ළඟයි


ලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මේ වනවිට එම අගය දැක්වෙන්නේ 400,013ක් ලෙසිනි. එම මරණවලින් 109,000කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ගැසෙයි.

මේ අතර ලොව පුරා කොවිඩ්-19 ආසාදිත අගය මේ වනවට 6,910,014ක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.



Recommended Articles