කොවිඩ්-19 මරණ 2000 පනියි සුවවූ රෝගීන් 15,000ට ළඟයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (18දා) දිනය අවසන් වනවිට 2009ක් දක්වා ඉහළ ගොස් තිබේ. මින් පස් දෙනෙකු විදේශයන්ගෙන් වාර්තා වන අතර, චීනයෙන් 2,000 ඉක්මවූ මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි.

කෙසේ වෙතත් චීනය තුළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 74,323ක් ලෙස වාර්තා වූ අතර, විදේශයන්ගෙන් 905 දෙනෙකු වාර්තා විය.

මේ අතර, වෛරසය ආසාදනය වී රෝහල්ගත වීමෙන් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිසද ඊයේ දිනය අවසන් වනවිට චීනයෙන් පමණක් 15,000කට ආසන්න වූ අතර, එය 14,376කි.



Recommended Articles