කොවිඩ්-19 මරණ 1775ක් වෙයි සුවය ලැබූවන් 10,000 ඉක්මවයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (16දා) දිනය අවසන් වනවිට 1,775ක් බව චීන සෞඛ්‍ය කොමිසම වාර්තා කරයි.

මියගිය අය අතර චීනයෙන් පිටත පිලිපීන, ජපාන, ප්‍රංශ, හොංකො සහ තායිවාන යන රටවලදී සිදුවූ මරණ 5ක්ද වාර්තා වෙයි.

මේ අතර ඊයේ දිනය අවසන් වනවිට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ පිරිස 71,323ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, ඉන් 688 දෙනෙකු විදෙස් රාජ්‍යයන්ගෙන් වාර්තා විය.

එහිදී වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති පිරිසේද ශීඝ්‍ර වැඩිවීමක් පවතින අතර, එය ඊයේ දිනය අවසන් වනවිට 10,844ක් බව චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.



Recommended Articles