කොවිඩ්-19 මරණ 1500 ආසන්නයි සුවය ලැබූවන් 6770 දක්වා ඉහළට


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (13දා) දිනය අවසන් වනවිට 1,489ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ ප්‍රමාණය 64,272ක් වන අතර, ඉන් 505ක් විදේශයන්ගෙන් වාර්තා වෙයි.

මියගිය පිරිස අතර තිදෙනෙකු පිලිපීනයෙන්, හොංකොං රාජ්‍යයෙන් සහ ජපානයෙන් වාර්තා වෙයි.

එමෙන්ම ඊයේ දිනය අවසන් වනවිට වෛරසය ආසාදනය වී සමුපූර්ණ සුවය ලැබූ පිරිස 6,770කි.



Recommended Articles