ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වසංගතය පාලනය අපහසු වීම පිටුපස දේශපාලන පක්ෂග්‍රාහීත්වය හා සම්බන්ධයක් ඇතැයි මිනිසුන් නොසිතන්නේ නම්, ඔවුන් දෑස් බැඳ, කන් වසාගෙන සිටිය යුතු යැයි එක්සත් ජනපදයේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි කියයි.
"දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන විට, අපි මේ වසංගතය හමුවේ දැන් බෙදීම් සහිත (දේශපාලන පක්ෂ බදාගත් බෙදීමක්) සමාජයක ජීවත් නොවෙමු යැයි සිතීමට නම් ඔබ ඇස් වසාගෙන, කන් වසාගෙන සිටිය යුතුයි."
"මම කියන්නෙ, එය අවාසනාවන්ත තත්ත්වයක්. නමුත් සත්‍යය එයයි. ඓතිහාසිකව අත්දැකීම්වලින් ඔබ දන්නවා, යම් දෙයකට ප්‍රවේශවීමේදී, ඔබට ඒකමතිකත්වයක් නොමැති නම්, ඔබ එය හැසිරවිය යුතු ආකාරය එතරම් ඵලදායී වන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ එවැනි බෙදීමක් නොතිබුනේ නම් අපට වඩාත් සම්බන්ධීකරණ ප්‍රවේශයක් ලබාගත හැකිව තිබුණා." වෛද්‍ය ෆවුසි සඳහන් කළේය.
මේ තත්ත්වය තුළත් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන හා ක්‍රමයෙන් විවෘත වී ඇති ප්‍රජාවන්ද ඇතුළුව වසංගතය පාලනය කිරීම සඳහා රටේ සමහර ප්‍රාන්ත හොඳින් කටයුතු කරන බව ෆවුසි පැවසීය.
"නමුත් රටක් ලෙස, ඔබ අපව වෙනත් රටවල් හා සංසන්දනය කරන විට, අපි විශිෂ්ටයි කියා මා සිතන්නේ නැහැ. අපි විශිෂ්ට වෙලා නැහැ." වෛද්‍ය ෆවුසි වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (10දා) උදෑසන වනවිට 3,112,540ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කළේය. එමෙන්ම ඇමෙරිකාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 133,209ක් දක්වා ඉහළ ගොස් තිබේ.