කොවිඩ්-19 ට ස්තූති වන්නට බ්‍රසීලය ආර්ථික අවපාතයක් අද්දරට ඇවිත් - බ්‍රසීල ජනපති


කොවිඩ්-19 වසංගතයේ බලපෑම ආර්ථිකයට දැනෙන බැවින් බ්‍රසීලය ආර්ථික අවපාතයේ අද්දර සිටින බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසයි.

මේ වනවිට වෛරසය ආසාදිතව හුදකලා වී සිටින බොල්සොනාරෝ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීව අදහස් දැක්වීමක් කරමින් කියා සිටියේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් එම පළාත්වල වාණිජ කටයුතු විවෘත කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

"රැකියා මිලියන ගණනක් විනාශ වී තිබෙනවා. මිලියන ගණනක් දෙනා අවිධිමත් ලෙස ආදායමක් නොමැතිව සිටින රටක්. දැන් ආර්ථික අවපාතයේ අද්දර සිටින රටක්" බොල්සොනාරෝ පැවසීය.

මුල සිටම රටේ ආර්ථිකය අයහපත් වනු ඇතැයි කියමින් රට විවෘත කිරීමට බල කළ බොල්සොනාරෝ තමාටද වෛරසය වැලඳී තිබියදීත් මෙසේ යළිත් වාණිජ කටයුතු විවෘත කරන ලෙස පවසන්නේ මිලියන 1.8ක් ඉක්මවා රට තුළ වෛරසය ආසාදිතව, 72,000ක් ඉක්මවා මරණ සිදුව ඇති පසුබිමකය.

ඔහු චෝදනා කරන්නේ වැරදි තොරතුරු සමග පුළුල් භීතියක් ඇති නොකළ යුතු බවයි.

"මිනිසුන්ට විශ්වාස කිරීමට ඇත්තේ එක් බරපතල ගැටළුවක් පමණක් බව මගේ විශ්වාසයයි. වෛරසයට එරෙහිව සටන් කිරීමේ අතුරු ආබාධ වෛරසයට වඩා නරක විය නොහැකියි." (ඔහු මෙසේ අතුරු ආබාධ ලෙස කියා සිටියේ ආර්ථිකයට සිදුවන බලපෑමයි.)

මිලියන 60 කට වැඩි ජනතාවකට හදිසි ආධාර ලබා දී සම්පත් බෙදාදුන් ෆෙඩරල් රජයේ ක්‍රියාමාර්ගය නොතිබුනේ නම් තත්ත්වය මීට වඩාත් නරක අතට හැරෙනු ඇතැයි බොල්සනාරෝ පැවසුවද, වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ ඔහුගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයම රට මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු වූ බව ඔහු නොකියයි.



Recommended Articles