කොවිඩ්-19 ආසාදිතයන් 530,000 ඉක්මවා ගිහින්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදනය වූ පිරිස 530,860ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි 24,053ක් ලෙස වාර්තා වන අතර, 122,203 දෙනෙකු වෛරසයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නිවෙස් බලාගොස් ඇත.

එම දත්ත වාර්තා අනුව මේ වනවිට වෛරසය ආසාදිත වැඩිම පිරිස එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 85,505කි. දෙවැනි තැන වෛරසයේ ආරම්භය සිදුවූ චීනයෙන් වාර්තා වන අතර. එය 81,782කි. ඉතාලිය තෙවැනි තැන සිටින්නේ ආසාදිතයන් 80,585ක් වාර්තා කරමිනි. ස්පාඤ්ඤයේ ආසාදිතයන් 57,786 දෙනෙකු වාර්තා කර තිබේ.



Recommended Articles