කොවිඩ්-19 ආසාදිතයන් 106,000 ඉක්මවයි - ආසාදිත මරණ 3,823ක්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදිතයන් ප්‍රමාණය 106,112ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 3,823ක් ලෙස චීන සෞඛ්‍ය කොමිසම වාර්තා කරයි.

මේ වනවිට චීනයේ හුබෙයි පළාත හැරුණු විට එරට වෙනත් කිසිදු ප්‍රදේශයකින් පසුගිය දින දෙක තුළ මරණ වාර්තා වී නොතිබුණු අතර, චීනය වෛරසය පාලනය සඳහා ගත් දැඩි ක්‍රියාමාර්ග මේ සඳහා හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ලොව පුරා කොවිඩ් මරණ මේ වනවිට 700 සීමාව ඉක්මවා ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 25,000 සීමාව ඉක්මවා වාර්තා වෙයි.

මේ අතර, චීනයේ වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා නිවෙස් වෙත ගිය පිරිස 58,684ක් ලෙස වාර්තා වන බව චීන සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.



Recommended Articles