කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලොව පුරා මේ වනවිට 1,595,350ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගල මරණ 95,455ක් ලොව පුරා වාර්තා වන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් කොවිඩ්-19 ආසාදනය වී රෝහල්ගතව සිට පූර්ණ සුවය ලබා ඇති පිරිස 350,975ක් බවද එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.