ලොව පුරා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලක්ෂ දහතුනහමාරේ සීමාවට පැමිණ 1,345,048ක් ලෙස වාර්තා වෙයි.
ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන පරිදි, මේ වනවිට වෛරසය ආසාදිත මරණ 74,565ක් ලොව පුරා වාර්තා වෙයි.
එමෙන්ම වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිට සම්පූර්ණ සුවය ලබා ඇති ලොව පුරා පිරිස 276,515ක් ලෙසද එම දත්ත පෙන්වා දෙයි.