කොවිඩ්-19 ආසාදිත රටවල් සංඛ්‍යාව 100 ඉක්මවයි - WHO


කොවිඩ්-19 ආසාදිතයන් සිටින රටවල් හා කලාප සංඛ්‍යාව අද (08දා) වනවිට 100කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රකාශිකා ෆඩෙලා චයිබ් පවසයි.

ජර්මනිය විසින් රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් 847ක් තහවුරු කරගෙන ඇති අතර, උතුරු ඉතාලියේ පැතිරීම වැළැක්වීම සඳහා මධ්‍යයේ පළාත් 14ක සහ මිලියන 16ක ජනතාවක් නිරෝධායනයට ලක්කර ඇත.

අද වනවිට දකුණු කොරියාවේ පුද්ගලයින් 7,313ක් ආසාදනය වී, ජපානයේ මරණ 45ක් වාර්තා වී තිබේ. බල්ගේරියාව, මෝල්ඩෝවා සහ බංග්ලාදේශය ඔවුන්ගේ පළමු කොරෝනා වෛරසය තහවුරු කළේය.



Recommended Articles