කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ස්වයං හුදකලාවක සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වෛද්‍ය උපදෙස් පරිදි පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල්ගත කර ඇති බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
"වෛද්‍ය උපදෙස් පරිදි අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පරීක්ෂණ කිහිපයක් සඳහා රෝහල් ගතකර තිබෙනවා" යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජොන්සන්ගේ කල්පැවති රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පරීක්ෂණ පූර්වාරක්ෂක පියවරක් ලෙස සිදුකරන බවයි.
ඔහු එක් රැයක් රෝහලේ රැඳී සිටිනු ඇතැයි ඩව්නිං වීදියේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය පවසයි.
55 හැවිරිදි ජොන්සන් පසුගිය මාර්තු 27දා සිය ට්විටර් වෙබ් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් තමාට කැස්ස හා උණ තත්ත්වය පවතින බවත්, කොවිඩ්-19 පරීක්ෂණයෙන් ධනාත්මක බව තහවුරු වූ බවත් කීය. කෙසේ වෙතත් සිකුරාදා වීඩියෝ යාවත්කාලීන කිරීමකදී ජොන්සන් පැවසුවේ තමා දිගටම උණ තත්ත්වය අත්විඳින බවයි.
ඩව්නිං වීදිය සිය ඉරිදා ප්‍රකාශයේ සඳහන් කළේ, "වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් දින 10කට පසුව අග්‍රාමාත්‍යවරයාට කොරෝනා වයිරසයේ අඛණ්ඩ රෝග ලක්ෂණ පවතින බවයි."
"මේ අතර ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කිරීම ගැන අගමැතිවරයා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වූ අතර නිවසේ රැඳී සිටීමින් මෛ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම සහ ජීවිත බේරා ගැනීම සඳහා රජයේ උපදෙස් දිගටම අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජොන්සන් හුදෙකලා වූ කාලය තුළ දුරස්ථව රජය පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු රෝහල් ගත කර තිබියදීත් එහි වගකීම දරන බවද සී.එන්.එන්. වාර්තා පවසයි.