කොවිඩ්-19 අපේ පරම්පරාවේ විශාලතම මහජන සෞඛ්‍ය අර්බුදය වන අතර, මේ වනවිට එන්නතක් නොමැති මෙම වෛරසය සඳහා එන්නතක් සංවර්ධනය සඳහා වැඩි වශයෙන් ලෝක නායකයන්ගේ සහයෝගීතාව අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ගෝලීය එන්නත සමුළුවේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊයේ (04දා) කියා සිටියේ කොවිඩ්-19 එන්නත 'ජනතාවගේ එන්නතක්' ලෙස දැකිය යුතු බවයි.
"කොවිඩ් -19 අපගේ පරම්පරාවේ විශාලතම මහජන සෞඛ්‍ය අර්බුදයයි. මේ සඳහා තවම එන්නතක් නැහැ. එන්නතක් සංවර්ධනය කිරීම සඳහා අප එකට වැඩ කරන විට, අප තේරුම් ගත යුතු වැදගත් පාඩමක් තිබෙනවා. එක් පාර්ශ්වයකට පමණක් එන්නතක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ එන්නත සඳහා සෑම තැනකම සිටින සෑම පුද්ගලයෙකුටම ප්‍රවේශය ඇති බව සහතික කිරීම සඳහා අපට ගෝලීය සහයෝගීතාවය අවශ්‍ය වෙනවා. එය ජනතාවගේ එන්නතක්. කොවිඩ්-19 එන්නත ගෝලීය මහජන යහපතක් ලෙස දැකිය යුතු බව වැඩි වැඩියෙන් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා" ගුටරෙස් පැවසීය.
ගෝලීය එන්නත් සමුළුව යනු එක්සත් රාජධානියේ සත්කාරකත්වයෙන් තවත් සංවිධාන එකතුව ලොව පුරා නායකයන් සමග පවත්වනු ලැබූ ජාලගත රැස්වීමකි.