කොලොම්බියාවට චීනයෙන් සීනොවැක් එන්නත් ලැබෙයි


කොලොම්බියාවට නව කොවිඩ්-19 එන්නත් තොගයක් ලබාදීමට, චීනයේ සීනොවැක් බයෝටක් සමාගම කටයුතු කර ඇති බව එරට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි.

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් COVAX එන්නත් බෙදා හැරීමේ යාන්ත්‍රණය හරහා මෙම එන්නත් සපයා ඇති බව අමාත්‍යාංශය පවසයි.

කොලොම්බියාවේ, නිල දත්තවලට අනුව, කොවිඩ්-19 ට එරෙහිව එන්නත් මාත්‍රා 45,879,607ක් මේ වනවිට ලබාදී තිබේ.

වසංගතය ආරම්භයේ සිට කොලොම්බියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 4,991,050ක් සහ ඒ ආශ්‍රිත මරණ 127,067 ක් වාර්තා විය.



Recommended Articles