කොලොම්බියාව තවත් ජනාධිපතිවරණයකට යයි


ජාතියේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා කොලොම්බියානුවන් ඉරිදා ඡන්දය ප්‍රකාශ කරයි.

මෙම තනතුර සඳහා ජනප්‍රිය අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත්ව සිටිති. ඒ වාමාංශික සෙනෙට් සභිකයෙකු සහ හිටපු ගරිල්ලා සාමාජිකයෙකු වන ගුස්ටාවෝ පෙට්‍රෝ සහ හිටපු නගරාධිපතිවරයෙකු වූ රොඩොල්ෆෝ හර්නාන්ඩස් ය.

ඔවුන් දෙදෙනාම පවසන්නේ තමන් කොලොම්බියා රජයට රැඩිකල් වෙනසක් ලබාදෙන බවය.

තේරී පත් වුවහොත්, පෙට්‍රෝගේ සහකරු, උප ජනාධිපති අපේක්ෂක ෆ්‍රැන්සියා මාකේස්, විධායක බලතල දරන ජාතියේ පළමු වැනි අප්‍රිකානු-කොලොම්බියානුවා වනු ඇත.

මෑත ඡන්ද විමසීම්වලින් පෙනී යන්නේ අපේක්ෂකයින් දළ වශයෙන් කරට කර සිටින බවයි.



Recommended Articles