කොලොම්බියා ජනපති ධුරය ගුස්ටාවෝ පෙට්‍රෝ වෙත


ඉතා සමීප තරඟයකින් දෙවැනි වටයේ මැතිවරණ ප්‍රතිඵලවලදී ස්වාධීන අපේක්ෂක රොඩොල්ෆෝ හර්නාන්ඩස් පරාජය කිරීමෙන් පසු ගුස්ටාවෝ පෙට්‍රෝ ඉරිදා කොලොම්බියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව විදෙස් වාර්තා පවසයි.

62 හැවිරිදි පෙට්‍රෝ සමාජ මාධ්‍ය සටහනක් මගින් ජයග්‍රහණය අගය කළේය. "අද ජනතාවට සැමරුමක්. පළමු ජනප්‍රිය ජයග්‍රහණය සමරමු" ඔහු ට්විටර් හි ලියා ඇත. පෙට්‍රෝ 50.5%ක් දිනාගත් අතර හර්නාන්ඩස් වෙත 47.3%ක් හිමි විය.

මිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.



Recommended Articles