හොංකොං රාජ්‍යය නව කොරෝසා වෛරසය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන පියවරක් ලෙස ප්‍රාථමික හා ද්විතීයික පාසල් මාර්තු 02දා දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරමින් අද (31දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හොංකොං හි ප්‍රධාන විධායක කැරී ලැම් නිවැසියන්ගෙන් විමසිලිමත් වන්නැයි ඉල්ලා සිටියාය.
හොංකොං හි මේ වනවිට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති රෝගීන් 12ක් සිටින අතර ඉන් 5 ක් හොංකොං පදිංචිකරුවන් වන අතර හත් දෙනෙක් චීන ජාතිකයෝ වෙති.
එරට ප්‍රාථමික හා ද්විතීයික පාසල් මුලින් පෙබරවාරි 17 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් දැන් එය මාර්තු 2 දක්වා අත්හිටුවා ඇත.
ඒ අනුව වෛරසය පැතිරීමේ තත්ත්වය සලකා බලා පාසල් නැවත ආරම්භ කළ යුතුද යන්න රජය විසින් නැවත ඇගයීමට ලක්කරනු ඇති බවද ඇය කීවාය.