කොරෝනා හමුවේ බිය නොවී සිටින්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්


"බිය නොවන්න, බිය නොවන්න, මෙය බලාපොරොත්තුවේ පණිවුඩයයි" අනුගාමිකයන්ගෙන් හිස්වූ ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාස්කු දිනට පෙර අදහස් දක්වමින් පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් ඊයේ (11දා) කියා සිටියහ.

යළි උත්ථානය පිළිබඳව ජේසුස් වහන්සේ උපුටා දක්වමින් ෆ්‍රැන්සිස් පාප් තුමන් වැඩිදුරටත් කියා සිටියේ, "බිය නොවන්න, බිය නොවන්න. මෙය බලාපොරොත්තුවේ පණිවිඩයයි. එය අද අපට ආමන්ත්‍රණය කර තිබෙනවා. මේ රාත්‍රියේදී දෙවියන් වහන්සේ අපට පුනරුච්චාරණය කරන වචන මේවායි." යනුවෙනි.

සාමාන්‍යයෙන් දහස් ගණනක් කිතුණු බැතිමතුන් සහභාගී වන පාස්කු ඉරිදා දේව මෙහෙයද කොවිඩ්-19 වසංගතය හමුවේ රට වසා දැමීමේ පියවර මැද බැසිලිකා දේවස්ථානය හිස් වූ අනුගාමිකයන් සහිතව පැවැත්වෙනු ඇත.

"අපි හැමෝම සහෝදර සහෝදරියන් - අපි එක්ව ජීවිතයේ ගීතය ගයමු" යනුවෙන් පාප් තුමන් වැඩිදුරටත් පැවසූහ.

ලෝකයේ අවි වෙළෙඳාමට එරෙහිව පෙළඹවීම සඳහා පාප් තුමන් මෙය අවස්ථාවක් කරගත්හ. "මරණයේ මොරගැසීම් නිශ්ශබ්ද කරමු. තවත් යුද්ධ නැත! තුවක්කු නොව පාන් අවශ්‍ය බැවින් ආයුධ නිෂ්පාදනය හා වෙළෙඳාම නතර කරමු."

රෝමානු කතෝලිකයන් විසින් පාස්කු සතියේ පවත්වනු ලබන දින තුනක දේව මෙහෙයන්ගෙන් කොටසක් ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙම අදහස් දැක්වීම් සිදුකළහ. ඉරිදා දිනය දක්වා වූ උත්සව මාලාවේ ආරම්භය බ්‍රහස්පතින්දා සිදුවූ අතර, අද (12දා) රෝම වේලාවෙන් පෙ.ව.11.00ට පාස්කු ඉරිදා පූජාව පැවැත්වීමට නියමිතය.



Recommended Articles