කොරෝනා සමග පැතිරෙන ව්‍යාජ තොරතුරු Facebook ඉවත් කරයි


නව කොරෝනා වෛරසය සුව කළ හැකි ක්‍රමවේද මෙන්ම, ඒ හා සම්බන්ධ තවත් ව්‍යාජ තොරතුරු සමාජජාල තුළ හුවමාරු වීම වළක්වමින් ඒවා ඉවත් කිරීම සඳහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා ට්විටර් සමාජ ජාල කටයුතු කර තිබේ.

"ව්‍යාජ සුව කිරීම් හෝ වැළැක්වීමේ ක්‍රමවලට අදාළ" හෝ "පවතින සෞඛ්‍ය සම්පත් පිළිබඳ ව්‍යාකූලත්වයක් ඇති කරන" පෝස්ට් හෝ ට්විට් හෝ ඡායාරූප ඉවත් කිරීමට ඔවුන කටයුතු කරනු ඇත.

මීට අමතරව ෆේස්බුක් හිමිකාරීත්වය දරන ඉන්ස්ටග්‍රෑම් හි සිය කරුණු පරීක්ෂා කිරීමේ සහ අධීක්ෂණ කටයුතු වැඩි කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය සම්බන්ධ හැෂ් ටැග් එකක් මත ක්ලික් කරන පරිශීලකයින්ට “විශ්වසනීය තොරතුරු පමණක් ලබාදීමට උත්සාහ කරන” බව ෆේස්බුක් සඳහන් කර තිබේ.



Recommended Articles