කොරෝනා වෛරසය පැතිර යන මේ අවස්ථාවේදී එක්සත් ජනපදය විසින් චීනයට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනතාවට හෘදයාංගම ස්තූතිය පුදකරන බව එරට චීන තානාපති කුයි ටියැන්කායි පවසයි.
එසේම පොදු අභියෝගවලට මුහුණදීම සඳහා චීනයේ සහ එක්සත් ජනපදයේ අත්වැල් බැඳගැනීම වළක්වන දේශපාලන වෛරසයෙන් ආරක්ෂා වන ලෙසද ඔහු දෙරටෙන්ම ඉල්ලා සිටියි.
මේ වනවිට නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජයද මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් සහ තාවකාලික සංචාරක තහනමක්ද ප්‍රකාශයට පත්කර ඇත.