චීනයේ ව්‍යාප්ත වූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් වෙනුවෙන් චීනය හෙට (04දා) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම අනුස්මරණය අතරතුර චීන ජාතික කොඩි අඩකුඹු කරනු ඇති අතර, රට පුරා ජනතාව විනාඩි තුනක් නිශ්ශබ්දතාවක් පවත්වමින් මෙම ව්‍යසනය සමග සටන් වැදීමේදී මියගිය පිරිස් වෙත සිය කෘතඥතාව පළ කරනු ඇත.
ගුවන් ප්‍රහාරක සයිරන් සහ මෝටර් රථ, දුම්රිය සහ නැව්වල නළා මේ අවස්ථාවේදී හඬ නැගෙනු ඇති බව ෂිංහුවා පුවත් සේවය පවසයි.