නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති අතර 3,000 කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වෙයි.
මේ අතර චීනය තුළ වෛසරය පැතිරීම වැළැක්වීම සඳහා නව අවුරුදු නිවාඩු කාලය තවදුරටත් දීර්ඝ කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.
හුබෙයි හි මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෙනත් ප්‍රදේශවලින් මරණ 5ක් වාර්තා වී තිබේ. වුහාන් නගරය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, තවත් නගර කිහිපයක් සංචාරක තහනම් පනවා ඇත.
තායිලන්තය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළුව, අවම වශයෙන් රෝගීන් 44 දෙනෙකු විදේශයන්හි තහවුරු වී තිබේ. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් සිදුවී නොමැත.