නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ මරණ සංඛ්‍යාව 2003 වසරේදී ලෝකයට තර්ජනයක් එල්ල කළ සාර්ස් වෛරසයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව අභිභවා ගොස් තිබේ.
වෛරසයේ මූලාරම්භය සිදුවූ චීනයේ හුබෙයි පළාතෙන් පමණක් මේ වනවිට මරණ 780ක් වාර්තා වන අතර, සමස්තයක් ලෙස මරණ 813ක් මේ වනවිට නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇත.
2003 වසරේදී ලෝකයට තර්ජනයක් එල්ල කළ සාර්ස් වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 774ක් ලෙස රටවල් 24කට වැඩි ප්‍රමාණයකින් වාර්තා විය.
එහිදී නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිරීමේ අවදානම මේ වනවිට බොහෝ දුරට අවම කරගෙන ඇති බැවින් ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාපේක්ෂව සුළු අගයකි.
පසුගිය මාසයේදී කොරෝනා වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළද, එය මැඬපැවැත්වීම සඳහා චීනය විශිෂ්ට කාර්යභාරය කටයුතු කරන බව සඳහන් කළේය.