කොරෝනා වැළැක්වීමේ වෛද්‍ය සැපයුම් අඛණ්ඩව - චීන අගමැති


චීන අගමැති ලී කෙකියැන්ග් චීනයේ ප්‍රධාන වෛද්‍ය සැපයුම් සඳහා වූ ජාතික බෙදාහැරීම් මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (01දා) පැමිණ තිබේ.

එහිදී චීන අගමැතිවරයා එහිදී වෛද්‍ය ද්‍රව්‍යවල සම්පූර්ණ සැපයුම අඛණ්ඩව සිදුකරන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව චීන මාධ්‍ය පවසයි.

රෝග පාලනය හා වැළැක්වීම වර්තමානයේදී ජාතියට වඩාත්ම වැදගත් කාර්යයක් වන අතර, අදාළ වෛද්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරවලට ඔවුන්ගේ නිෂ්පාදනය වේගවත් කිරීමට සහ ස්ථාවර සැපයුම් සහතික කිරීම සඳහා ධාරිතාවය වැඩි කිරීමට දිරිගැන්වීමද චීන අගමැතිවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වී ඇත.

ආරක්ෂිත වෛද්‍ය ඇඳුම්, ඇස් කණ්ණාඩි සහ මුඛ ආවරණ වැනි ප්‍රධාන ද්‍රව්‍යවල වර්තමාන සැපයුම් පිළිබඳව දැනගත් ලී, අධික ලෙස පීඩාවට පත් ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ජාතික මධ්‍යස්ථානයේ ක්‍රියාවලිය ප්‍රශස්ත කරන සිදුකරන ලෙස අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles