විදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්, ඔවුන්ට ආපසු ඇමෙරිකාව බලා යාම වැළැක්වීමේ පියවරක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් සලකා බලමින් සිටින බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කරයි.
කොවිඩ්-19 හෝ වෙනත් රෝග වැළඳී ඇති බවට සාධාරණව විශ්වාස කළ හැකි පුද්ගලයන් අවහිර කිරීමට මෙම නීති කෙටුම්පත් රෙගුලාසි මගින් රජයට අවසරය හිමිවෙන බව සඳහන් වෙයි.
නව කොරෝනා වසංගතය ආරම්භයේ සිටම ට්‍රම්ප් විසින් සංක්‍රමණ සීමා කිරීම් මාලාවක් පනවා ඇති අතර, ඒ නිසා සමහර නීතිමය සංක්‍රමණ අත්හිටුවීම සහ සම්මත නීතිමය ක්‍රියාදාමයෙන් බැහැරව දේශ සීමාවලදී හසු වූ සංක්‍රමණිකයන් වේගයෙන් ඔවුන් පැමිණි රටවලට පිටුවහල් කිරීමට එක්සත් ජනපද දේශසීමා බලධාරීන්ට ඉඩ ලබා දී තිබේ.
මේ අතර එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 5,088,516ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 163,425කි.