කොරෝනා වසංගතය නිසා අපරාධවල අඩුවීමක්- FBI


එක්සත් ජනපදය පුරා කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ 2020 මුල් මාස හය තුළ එරට ප්‍රචණ්ඩකාරී හා දේපල අපරාධ දෙකම අඩුවී ඇති බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා අගුලු දැමීම් සමහර ප්‍රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්‍රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව FBI විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එමෙන්ම ප්‍රචණ්ඩ මංකොල්ලකෑම් 7.1%කින් පහත වැටුණු අතර, ප්‍රචණ්ඩකාරී නොවූ සොරකම් හා සුළු සොරකම් 2019 මුල් භාගයට වඩා මඳක් අඩුවී ඇතැයිද FBI පවසයි.



Recommended Articles