කොරෝනා ලොව පුරා පැතිරීම 2003 වසරේ සාර්ස් අභිභවා යයි


2003 වසරේදී ලෝකය තුළ භයානක වසංගත තර්ජනයක් ඇති කළ සාර්ස් (දරුණු උග්‍ර ශ්වසන රෝගය) අභිභවා යෑමට මේ වනවිට නව කොරෝනා වෛරස් ආසාදනය සමත්ව ඇති බව විශේෂඥයෝ පවසති.

එවකට සාර්ස් රෝගය මාස 8ක කාලයක් ලොව පුරා පැතිර යාමේදී ආසාධිතයන් 8,100ක් පමණක් වාර්තා වුවත්, මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් 10,000ක් ඉක්මවා වේගවත් පැතිරීමක් වාර්තා කර තිබේ.

චීනයේ හුබෙයි පළාතේ, වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පසුගිය දෙසැම්බර් මාසයේදී ඇති වූ මෙම වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එවකට මාස 8ක කාලය තුළ සාර්ස් ආසාදිතයන් 774ක් ජීවිතක්ෂයට පත්විය.

එමෙන්ම චීනයෙන් පිටත රටවල් 22 ක ආසාදිතයන් 100කට වැඩි පිරිසක් මේ වනවිට වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් අද (31දා) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්ද ප්‍රකාශයට පත් කළේය.



Recommended Articles