කොරෝනා රෝගීන්ට දෙන රෙමෙඩිසිවර් අපනයනයත් ඉන්දීය රජය තහනම් කරයි


කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වෙත ලබාදෙන ඖෂධයක් වන රෙමෙඩිසිවර් අපනයනය කිරීමත් ඉන්දියාව තහනම් කර තිබේ.

එරට තුළ ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත අපනයනයද ඉන්දියාව සීමා කර ඇත.

රටේ වසංගත තත්ත්වය ස්ථාවර වන තෙක් රෙමෙඩිසිවර් සහ එහි සක්‍රීය ඖෂධීය අමුද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කර ඇති බව රජය නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles