කොරෝනා මරණ සිහිපත් කරමින් හදවත් පවුරක්


කොවිඩ්-19 රෝගයෙන් මියගිය සැමට ස්මාරකයක් ලෙස බ්‍රිතාන්‍යයේ ස්වේච්ඡා සේවකයන් විසින් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහල අසල බිත්තියක් දිගේ හදවත් පින්තාරු කර තිබේ.

මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.

කොවිඩ්-19 නිසා බ්‍රිතාන්‍යයේ පමණක් 127,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4,364,000ක් ඉක්මවති.



Recommended Articles