කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනය අවසානයේදී 304ක් වෙයි


නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව ඊයේ (01දා) දිනය අවසන් වනවිට 304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

චීනයේ සෞඛ්‍ය ආරක්ෂණ කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරපත් කරන දත්ත අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14,400ක් වන අතර, ඉන් 140ක් විදේශයන්හි ආසාදිතයන්ය.

ඒ අනුව ඊට පෙර දිනයේ සිට ඊයේ දිනය තුළ මරණ 45ක් සිදුව ඇත අතර, තවත් පුද්ගලයන් 2,620 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් හඳුනාගෙන තිබේ. මේ අතර, ඊයේ දිනය අවසන් වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වී යළි සුවය ලබා ඇති පිරිස 328කි.

 



Recommended Articles