කොරෝනා මරණ 638ක් වෙයි සුවවූවන් 1540 දක්වා වැඩිවෙයි


නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (06දා) දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 638ක් දක්වා වාර්තා වුවත්, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 1,540 දක්වා වර්ධනය වී තිබේ.

එහිදී මියගිය පිරිසෙන් 636ක්ම චීනයෙන් වාර්තා වන අතර, තව දෙදෙනෙකු පිලිපීනයෙන් සහ හොංකොං රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.

මේ අතර, වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවමින්, චීනයේ පමණක් 31,211ක්ද, විදේශයන්හි 220ක්ද ලෙස චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙයි.

මියගිය පිරිස පෙරේදා දිනයේ වාර්තා වූ 567ක අගයේ සිට ඊයේ දිනය තුළ පමණක් මරණ 71ක් වාර්තා වන අතර, ආසාදිතයන් සංඛ්‍යාවද ඊයේ දිනය තුළ 3,171ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles