කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි


නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (03දා) දිනය අවසන් වනවිට 426ක් ලෙස සටහන් වී තිබුණි.

චීන සෞඛ්‍ය කොමිසමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව චීනයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 426කි. එක් මරණයක් පසුගියදා පිලිපීනයේදී සිදුව තිබුණි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (03දා) දිනය අවසන් වනවිට 20,471ක් දක්වා ඉහළ ගොස් තිබුණු බවද එම වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වූවන්ගේ ප්‍රමාණය 632ක් ලෙස ඊයේ දිනය අවසන් වනවිට සටහන් විය.



Recommended Articles