නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනය ඇතුළු ලොව පුරා මියගිය සංඛ්‍යාව ඊයේ (02දා) දිනය අවසන් වනවිට 362ක් දක්වා වාර්තා වී තිබේ.
එහිදී චිනයේ පමණක් මියගිය සංඛ්‍යාව 361ක් වන අතර, විදෙස් රටක් ලෙස පිලිපීනයේදීද ඊයේ එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි. ඒ අනුව පෙර දිනයේ සිට ඊයේ දිනය තුළ චීනයේ මරණ 56ක් වාර්තා වී තිබේ.
එමෙන්ම චීනයේ පමණක් වෛරසය ආසාදනය වූ පුද්ගල සංඛ්‍යාව 17,238ක් වන අතර, විදෙස් රටවල 148ක් ලෙස ඊයේ දිනය නිමා වනවිට සටහන් වුණු අතර, ඊයේ දිනය තුළ ආසාධිතයන් සංඛ්‍යාව 2,700 ඉක්මවා වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය ආසාදනය වීමෙන් පසුව මෙතෙක් සුවය ලබා ඇති පිරිස 480 ඉක්මවා ඇති බව චීන සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.