කොරෝනා මරණ 3,000ට ළඟයි සුවය ලැබූවන් 39,000 ඉක්මවයි


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 2,923ක් ලෙස වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම මරණ අතරින් මරණ 2,835ක් චීනයෙන් වාර්තා වන අතර, සෙසු මරණ 88ක් විදෙස් රාජ්‍යයන්ගෙන් වාර්තා වෙයි.

ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති පිරිස 85,189ක් ලෙස වාර්තා වන අතර, මින් 79,389ක් චීනයෙන් සහ 5,800ක් පිරිස විදෙස් රාජ්‍යයන්හි ආසාදිතයන්ය.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදනය වී චීනය තුළ සුවය ලබා ඇති පිරිස මේ වනවිට 39,049ක් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.



Recommended Articles