නව කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම හා පාලනය කිරීමට චීනයට ඇති හැකියාව සම්බන්ධයෙන් තමාට විශ්වාසයක් පවතින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ඒ අනුව මෙම වෛරස් ආසාදන තත්ත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට චීනයට ඇති හැකියාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ විශ්වාසයෙන් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28දා) පවසා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉරිදා අග භාගයේදී කොරෝනා වෛරසය පැතිර යාම "චීනය තුළ - ඉතා ඉහළ සහ කලාපීය හා ගෝලීය මට්ටමින් - ඉහළ" ලෙස නැවත වර්ග කිරීමකට ලක් කළේය.
නමුත් ඉන් අදහස් කෙරෙන්නේ ගෝලීය වශයෙන් සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ යුතු බව නොවේ යැයිද සඳහන් කර තිබේ.