පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මහජන චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපදය, චීන හොංකොං සහ මැකවෝ විශේෂ පරිපාලන කලාපය සහ තායිවානය සමගද සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යන බව කියයි.
විශේෂයෙන්ම වෛරසයේ ජාන අනුක්‍රමයන් හා ඒ සම්බන්ධ කලෝචිත තොරතුරු බෙදාහදා ගැනීම සඳහා මෙසේ සමීපව කටයුතු කරන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම කියයි.
වෙළෙඳ යුද්ධය හමුවේ යම් විරසකයකට ලක්ව සිටි එක්සත් ජනපදයද මේ අවස්ථාවේදී චීනය හා සමීප සන්නිවේදනය පවත්වාගෙන යන අතර, දෙරට අතර තාක්ෂණික සහයෝගීතාවක්ද ක්‍රියාත්මක වන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මේ වනවිට නව කොරෝනා රෝගයෙන් මියගිය පිරිස 70 ඉක්මවා ඇති අතර, තවත් 7,700කට වැඩි පිරිසකට වෛරසය ආසාධනය වී ඇත. එමෙන්ම චීනයෙන් පිටත වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 70කි.