නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් කල් දැමුණු ප්‍රංශයේ නගර සහ මහ නගර 5,000කට නව සභිකයන් තෝරා පත්කර ගැනීමේ නගර සභා මැතිවරණයේ දෙවැනි අදියර ප්‍රංශය පවත්වා තිබේ.
පැරීසියේ සහ තවත් ස්ථාන දහස් ගණනකට සභිකයන් පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම මාර්තු 15 වැනි දින පැවති අතර, නව කොරෝනා වෛරසය පැතිරීමත් සමග එහි දෙවැනි අදියර අත්හිටවනු ලැබිණි.
කෙසේ වෙතත් ප්‍රංශය මේ වනවිට වෛරසය යම් මට්ටමකට පාලනය කර ඇති පසුබිමක එම මැතිවරණය යළිත් පැවැත්වීම සිදුවෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරන ආකාරයට ප්‍රංශයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 2කට ආසන්න වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාවද 30,000කට ආසන්නය.