කොරෝනා නිසා අතරමං වූ සුරතලුන් වෙනුවෙන් සහන


කොවිඩ්-19 වෛරසය ඉන්දුනීසියාව තුළ අධික ලෙස පැතිරයාම හේතුවෙන් සිය ස්වාමියන් නොමැතිව නිවෙස් තුළ හුදකලා වූ සුරතල් සතුන්ට ආහාරපාන ලබාදීමට එරට සතුන්ට ආදරය කරන බොහෝ දෙනෙකු ඉදිරිපත්ව තිබේ.

සිව් හැවිරිදි ඉන්දුනීසියානු පිට්බුල් ග්ලෙඩිස් දින දෙකක් ආහාර නොමැතිව නිවසේ තනිව සිටියදී ස්වේච්ඡා සේවකයන් කණ්ඩායමක් එම සුරතලා සොයාගෙන ඇත.

බොහෝවිට තම ස්වාමියන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර රෝහල් ගත කළ විට හෝ හුදෙකලා වූ විට අතහැර දමා ගිය බොහෝ සුරතල් සතුන් අතර මෙම සුරතලාද විය.

ඉන්දුනීසියාවේ මිලියන 3.7කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදන තහවුරු වී ඇති අතර, තවත් 100,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත්වීම නිසා ඉන්දුනීසියාව ආසියාවේ නරකම කොරෝනා වසංගතයක් සමග පොරබදමින් සිටී.

ඒ අනුව සිය ස්වාමියන් කොවිඩ්-19 ආසාදනය වී රෝහල්ගතව හෝ මරණයට පත්ව ඇති නිවෙස්වල සිටින සුරතලුන්ට ආහාරපාන ලබාදීම සඳහා ඒඩී-19 නමින් මෙම වැඩසටහන දියත් කර තිබේ.



Recommended Articles