කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසියාවටම පහරදීම අරඹලා


ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය වන ටෝකියෝව මෙන්ම, තායිලන්තය සහ මැලේසියාවද ඊයේ (31දා) දිනයේ වාර්තාගත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ අතර, බොහෝ දුරට එය ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑම ප්‍රකට කරයි.

ඩෙල්ටා ප්‍රභේදයන් ඉහළ යාම කලින් වියට්නාමය වැනි කොවිඩ්-19 මට්ටු කරමින් වසංගතය හමුවේ යම්දුරකට සාර්ථක වූ ආසියාවේ ඇතැම් කලාප පවා සසල කරමින් සිටින අතර, හෙට (02දා) දිනයේ සිට නගර සහ පළාත් කිහිපයක සංචරණ සීමා දැඩි ලෙස සීමා කරන බව නිවේදනය කර තිබේ.

අගෝස්තු අවසානය දක්වා පවතින දැඩි අගුලු දැමීමට එරෙහි විරෝධතාවක් වැළැක්වීම සඳහා පොලීසිය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තුළ කඩිනමින් පියවර ගෙන තිබුණේ, එහි ආසාදිතයන් ඉහළ යන බැවිනි.

ඒ විරෝධතා පාලනය සඳහා සිඩ්නි නුවර දුම්රිය ස්ථාන වසා දමා, කුලී රථ හරහා මගීන් නගරයෙන් බැහැර කිරීම තහනම් කළ අතර, මුරපොලවල් පිහිටුවීමටත් සහ කණ්ඩායම් විසුරුවා හැරීමට නිලධාරින් 1,000ක් යොදවා තිබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් සිඩ්නි සහ ඒ අවට ප්‍රදේශවල නව ආසාදන 210ක් වාර්තා කළේය.

ටෝකියෝ අගනගරය ගෙවුණු දිනයේ වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරමින් ආසාදන 4,058ක් සටහන් කරන්නට විය. ඔලිම්පික් සංවිධායකයන් විසින් ක්‍රීඩා උළෙල ආශ්‍රිතවද ආසාදිතයන් 21ක් වාර්තා කළ අතර ජූලි 01දා සිට සමස්ත ආසාදන එකතුව 241ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැලේසියාවේ මෙම රෝගයේ එක් ස්ථානයක් වන සෙනසුරාදා කොරෝනා වයිරස් රෝගීන් 17,786 ක් වාර්තා වූ අතර එය වාර්තාගත ඉහළ අගයකි.

වසංගතය පාලනය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ගැන අතෘප්තිය ප්‍රකාශ කරමින් මැලේසියාවේ ක්වාලලම්පූර් නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් අගමැති මුහයිඩින් යසින්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවෝ කළු කොඩි රැගෙන මාස ගණනක් පුරා එරට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ හැෂ් ටැග් එකක් වන "අසාර්ථක රජය" යනුවෙන් දැක්වෙන පුවරු ඔසවාගෙන සිටිනු දක්නට ලැබුණි.

මේ අතර තායිලන්තය දෛනික වාර්තාගත නව කොරෝනා ආසාදිතයන් ගෙවීගිය දිනයේ 18,912ක් වාර්තා කර ඇති අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 597,287ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම මරණවලින්ද දෛනික වාර්තාවක් තබමින් නව කොවිඩ්-19 මරණ 178ක්ද තායිලන්තය වාර්තා කර තිබේ.

තායි රජය පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය රටේ සිද්ධීන්ගෙන් 60%කටත් බැංකොක්හි 80%කටත් වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බවය. මෙම ප්‍රභේදය අනෙකුත් ප්‍රභේදයන්ට වඩා මාරාන්තික නොවන නමුත්, ඉතා වේගයෙන් සම්ප්‍රේෂණය කළ හැකි බව තායිලන්තයේ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් උපකිත් සිරිලක් පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පසුගිය සිකුරාදා පැවසුවේ කොවිඩ්-19 ආසාදනයන් ලොව බොහෝ ප්‍රදේශ වල පසුගිය සති හතර තුළ 80%කින් ඉහළ ගොස් ඇති බවය.

වෙහෙස මහන්සි වී ලබා ගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යන බවත්, බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්න බවත්් ටෙඩ්‍රොස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඉන්දියාවේ මුලින්ම සොයාගත් ඩෙල්ටා ප්‍රභේදය පැපොල තරම්ම බෝවන අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් බෝවීමක් සහිත රෝගයක් බව එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය තුළ මේ සතියේ වාර්තා වූ අභ්‍යන්තර ලේඛනයක සඳහන්ව තිබුණි.



Recommended Articles